විනිසුරුවන්ට එරෙහිව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයෙන් අයි.සී.සීයට පැමිණිලි

Date:

දකුණු අප්‍රිකානු විනිසුරුවරුන් සම්බන්ධයෙන‍් ජගත් ක්‍රිකට් කවුන්සලයට නිල පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසනවා.

දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් පසුව එම පැමිණිල්ල ඉදිරිපත් කරන බවයි එරට ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී Jalal Yunus සදහන් කළේ.

පළමු ටෙස්ට් තරගයේ දී ලබා දුන් විනිසුරු තීරණ රැසක් නිවැරැදි වූයේ නැහැ.

දකුණු අප්‍රිකා – බංග්ලාදේශ එක්දින තරගාවලියෙන් අනතුරුව ද බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විනිසුරු තීරණ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකා කණ්ඩායමට ලකුණු 220 ක ජයක් හිමි වුණා.

එම තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කළේ Adrian Holdstock හා Marais Erasmus.

ටෙස්ට් තරග සදහා තරග පැවැත්වෙන රටේ විනිසුරුවන් පත් කිරීමට 2020 වසරේ දී ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කළේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...