රාහුල්ගේ අර්ධ ශතකය හා අවේශ්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ ලක්නව් පිලට ලකුණු 12ක ජයක්

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයෙන් ලකුණු 12ක ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අද(4) සමත් වුණා.

ඔවුන් හමුවේ මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී පරාජයට පත් වූයේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසියේ දිනූ සන්රයිසස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 169ක් ලබා ගත්තා.

නායක කේ.එල් රාහුල් ලකුණු 68(50)ක් ලබා ගත් අතර, දීපක් හූදා ලකුණු 51(33) ක් රැස් කළා.

වොෂින්ටන් සුන්දර්, රොමාරියෝ ෂෙපර්ඩ් හා ටී නටරාජන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 157ක් පමණයි.

රාහුල් ත්‍රිපාති ලකුණු 44(30) ක් ලබා ගත්තා. නිකලස් පූරාන් ලකුණු 34(24)යි.

පන්දු යැවීමේ දී අවේශ් ඛාන් ලකුණු 24කට කඩුලු 4ක් දවා ගත්තා. ජේසන් හෝල්ඩර් කඩුලු 3ක් ද, කෘනාල් පාන්ඩ්යා කඩුලු 2ක් ද බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...