යාපනය හා මහනුවර කණ්ඩායම් NSL අවසන් තරගයට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට යාපනය හා මහනුවර යන කණ්ඩායම් අද(4) සමත් වුණා.

එම තරගය එළඹෙන 7 වැනිදා ගාල්ල ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

අද අවසන් වූ පළමු අවසන් පූර්ව තරගයෙන් කඩුලු 9ක ජයක් වාර්තා කිරීමට යාපනය කණ්ඩායම සමත් වුණේ කොළඹ කණ්ඩායමට එරෙහිවයි.

හම්බන්තොට පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 272ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස යාපනය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 339ක් රැස් කළා.

අනතුරුව කොළඹ දෙවැනි ඉනිම ලකුණු 158කට සීමා වුණේ තරගය ජය ගැනීම සදහා යාපනය කණ්ඩායමට ලකුණු 92ක ඉලක්කයක් ලබා දෙමින්. යාපනය කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

දෙවැනි අවසන් පූර්ව තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී අද නිමා වුණේ ජය පරාජයෙන් තොරවයි.

මහනුවර හා ගාල්ල කණ්ඩායම අතර දෙවැනි අවසන් පූර්ව තරගය පැවැති අතර, පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 458ක් රැස් කළා.

පිළිතුරු ලෙස ගාලු පිල පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 354ක්.

තරගයේ අවසන් දිනය නිමා වන විට මහනුවර කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 155ක් රැස් කර ගෙන සිටියා.

ඒ අනුව පළමු ඉනිමේ ජය හිමි කර ගත් මහනුවර කණ්ඩායම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...