බංග්ලාදේශය ලකුණු 53කට දවා ගනිමින් දකුණු අප්‍රිකාවට විශිෂ්ඨ ජයක්

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 220ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(4) සමත් වුණා.

තරගයේ අවසන් දිනය අද ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 274ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 11ක් ලබා සිටි අතර, ඔවුන්ට අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 53ක් පමණයි.

නජ්මුල් හොසේන් ශන්ටෝ ලකුණු 26කට දැවී ගිය අතර, ටස්කින් අහ්මඩ් ලකුණු 14ක් රැස් කළා. සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 5 සීමාව ඉක්මවා යාමට හැකි වූයේ නැහැ.

බංග්ලාදේශය රැස් කළ ලකුණු 53 ඉතිහාසයට එක් වුණේ ඔවුන් ටෙස්ට් පිටියේ දී වාර්තා කළ දෙවැනි අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ කේෂාව් මහරාජ් ලකුණු 32කට කඩුලු 7ක් හා සයිමන් හාර්මර් ලකුණු 21කට කඩුලු 3ක් දවා ගත්තා.

ඩර්බන් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 367ක් රැස් කළා. ටෙම්බා බවුමා ලකුණු 93යි. පන්දු යැවීමේ දි කලෙඩ් අහ්මඩ් කඩුලු 4ක් හා මෙහිදි හසාන් මිරාස් කඩුලු 3ක් බිද හෙලුවා.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 298කට සීමා කිරීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් සමත් වුණා. සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ මහ්මුදුල් හසාන් ජොයි ලකුණු 137ක් රැස් කළා. පන්දු යැවීමේ දී සයිමන් හාර්මර් කඩුලු 4ක් හා ලිසාද් විලියම්ස් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.

පසුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 204ක්. නායක ඩීල් එල්ගර් ලකුණු 64ක් හා Ryan Rickelton නොදැවී ලකුණු 39ක් රැස් කළා. පන්දු යැවීමේ දී මෙහිදි හසාන් මිරාස් හා එබඩොට් හොසේන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...