ලිවින්ග්ස්ටන්ගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ චෙන්නායි අඛණ්ඩව තෙවැනි තරගයත් පරදියි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ තමන් ක්‍රීඩා කළ තෙවැනි තරගයෙන් ද පරාජයට පත් වීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට අද(3) සිදු වුණා.

ඒ, තරගාවලියේ 11 වැනි තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම හමුවේ ලකුණු 54ක දැවැන්ත පරාජයක් ලබමින්.

මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සුපර් කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව පංජාබ් පිලට ලබා දුන්නා.

ඒ අනුව පිටියට පිවිසි පංජාබ් කිංග්ස් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 180ක් රැස් කළා.

භානුක රාජපක්ෂ ලකුණු 9(5)කට දුවද්දී දැවී ගිය අතර, ශිකර් ධවාන් ලකුණු 33යි. සුපිරි ඉනිමක් දියත් කළ ලියම් ලිවින්ග්ස්ටන් පන්දු 32ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 60ක් ලබා ගත්තා. ඒ, හයේ පහර හා හතරේ පහර 5 බැගින් වාර්තා කරමින්.

පන්දු යැවීමේ දී ක්‍රිස් ජෝර්ඩන් හා ඩ්වේයන් ප්‍රෙටෝරියස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 18ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 126ක් පමණයි.

ශිවම් දූබේ පන්දු 30කින් ලකුණු 57ක් රැස් කළ අතර, මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 23(28)ක් රැස් කළා.

පන්දු යැවීමේ දී රාහුල් චහාර් කඩුලු 3ක් ද, ලියම් ලිවින්ග්ස්ටන් හා Vaibhav Arora කඩුලු 2 බැගින් ද බිද හෙලීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...