ෂුබ්මන්ගේ සුපිරි ප්‍රහාරය හා ෆර්ගියුසන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම ගුජරාට් පිලට දෙවැනි ජයත් ගෙනඑයි

Date:

ෂුබ්මන් ගිල්ගේ සුපිරි පිතිහරඹය හා ලොකී ෆර්ගියුසන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ තමන් ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන් ද ජය වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, සෙනසුරාදා(2) පැවැති මෙවර අයි.පී.එල් තරගාවලියේ 10 වැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා ලකුණු 14ක ජයක් වාර්තා කරමින්.

පූනේහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කැපිටල්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් ක්‍රීඩකයින් පන්දුවාර 20 නිමා කළේ කඩුලු 6ක් දැවී ලකුණු 171ක් ලබා ගනිමින්.

ෂුබ්මන් ගිල් පන්දු 46කින් වේගවත් ලකුණු 84ක් වාර්තා කළේ හයේ පහර 4ක් හා හතරේ පහර 6ක් සමගින්.

නායක හර්ඩික් පාන්ඩ්යා ලකුණු 31ක් ද, ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 20ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී මුස්ටර්ෆිසුර් රෙහ්මාන් ලකුණු 23කට කඩුලු 3ක් හා කලීල් අහ්මඩ් ලකුණු 34කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 157ක් පමණයි.

නායක රිෂාබ් පාන්ට් ලකුණු 43(29)ක්, ලලිත් යාදව් ලකුණු 25ක් හා රොව්මන් පවෙල් ලකුණු 20ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ලොකී ෆර්ගියුසන් ලකුණු 28කට කඩුලු 4ක් බිද හෙලීමට සමත්වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...