බබාර් – ඉමාම් නොබිදුණු සබදතාවය හමුවේ ඔස්ට්‍රේලියාවට අන්ත පරාජයක්

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම අද(2) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි තරගයෙන් පාකිස්තානය කඩුලු 9ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.

ලාහෝර්හි පැවැති තරගය ජය ගැනීම සදහා ඔවුන්ට ලකුණු 211ක ඉලක්කයක් හිමි වූ අතර, එම ඉලක්කය පාකිස්තානය ඉතා පහසුවෙන් පසු කර ගියේ පන්දුවාර 37.5ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී සිටියදීයි.

ෆකාර් සමාන් ලකුණු 17කට දැවී ගියා. අනතුරුව දෙවැනි කඩුල්ල සදහා නොබිදුණු ලකුණු 190(205)ක සබදතාවයක් ගොඩ නැගීමට ඉමාම් උල් හක් හා නායක බබාර් අසාම් සමත් වුණා.

සිය 16 වැනි එක්දින ශතකය වාර්තා කළ බබාර් නොදැවී ලකුණු 105(115)ක් හා ඉමාම් නොදැවී ලකුණු 89(100)ක් රැස් කළා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 210ක් රැස් කළේ පන්දුවාර 41.5ක් තුළ දී යි.

ආරම්භක පිතිකරුවන් වූ ට්‍රැවිස් හෙඩ් ඉනිමේ පළමු පන්දුවෙන් ද, ආරෝන් ෆින්ච් තමා මුහුණ දුන් තෙවැනි පන්දුවෙන්ද ලකුණු නොලබා සිටියදී දැවී ගියා.

ඇලෙක්ස් කෙරී ලකුණු 56ක් හා ශෝන් ඇබොට් ලකුණු 49ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියානු ඉනිම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවකට රැගෙන යාමට සමත් වුණා.

පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් හා මොහොමඩ් වසීම් කඩුලු 3 බැගින් බිද හෙලුවා. ශහීන් ශාහ් අෆ්රිඩි කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...