රසල්ගේ හයේ වැස්ස හමුවේ භානුකගේ ප්‍රහාරාත්මක ඉනිම අපතේ යයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී පරාජයට පත් වූයේ පංජාබ් කිංග්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායමට පන්දුවාර 18.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137ක් පමණයි.

භානුක රාජපක්ෂ පන්දු 9කින් ලකුණු 31ක් රැස් කළා. ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 19කටත්, කාගිසෝ රබාඩා ලකුණු 25කටත් දැවී ගියා.

යළිත් සුපිරි පන්දු යැවීමක නිරත වූ උමේෂ් යාදව් ලකුණු 23කට කඩුලු 4ක් දවා ගත්තා. ටිම් සවුති ලකුණු 36කට බිද හෙලූ කඩුලු ගණන 2ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායම පන්දුවාර 14.3ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4ක් දැවී සිටියදීයි.

ඒ, අන්ඩ්‍රි රසල් පන්දු 31ක් පමණක් වැය කරමින් නොදැවී වාර්තා කළ ලකුණු 70න් ශක්තිමත් වෙමින්.

ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 51ක් තුළ බිද වැටුණු පසුබිමකයි ඔහු එම සුවිශේෂී ඉනිම ක්‍රීඩා කරමින් කොල්කටා කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියේ.

රසල්ගේ සුපිරි ඉනිම හයේ පහර 8කින් හා හතරේ පහර 2කින් වර්ණවත් වුණා.

පන්දු යැවීමේ දී රාහුල් චහාර් ලකුණු 13කට කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...