රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ලකුණු 61ක දැවැන්ත ජයක්

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද(29) සමත් වුණා.

ඔවුන් හමුවේ පූනේ හි පැවැති තරගයේ දී ලකුණු 61ක දැවැන්ත පරාජයකට ලක් වූයේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 210ක් ලබා ගනිමින් පන්දුවාර 20 නිමා කළා.

නායක සංජු සැම්සන් ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වෙමින් පන්දු 27කින් ලකුණු 55ක් ලබා ගත්තා. හයේ පහර 5කින් හා හතරේ පහර 3කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

දෙව්දත් පඩික්කල් ලකුණු 41(29)ක්, ජොස් බට්ලර් ලකුණු 35(28)ක් හා ශිම්රන් හෙට්මයර් ලකුණු 32(13)ක් රැස් කළා.

පන්දු යැවීමේ දී උම්රාන් මලික් ලකුණු 39කට කඩුලු 2ක් හා ටී නටරාජන් ලකුණු 43කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිදරාබාද් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 149ක් පමණයි.

ඔවුන්ගේ පළමු පිතිකරුවන් 6 දෙනා අතරින් ලකුණු 10 සීමාව පසු කළේ ඒඩ්න් මාක්‍රම් පමණයි. ඔහු නොදැවී ලකුණු 57(41)ක් රැස් කළා.

රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 24(18)ක් ලබා ගත් අතර, වොෂින්ටන් සුන්දර් පන්දු 14කින් වේගවත් ලකුණු 40ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී යුස්වේන්ද්‍ර චහෙල් ලකුණු 22කට කඩුලු 3ක් බිද හෙලුවා. ට්‍රෙන්ට් බෝල්ට් හා ප්‍රසිද් ක්‍රිෂ්නා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...