වසර 11කට පසු ඕස්ට්‍රේලියාවට ආසියාවේ දී ටෙස්ට් තරගාවලි ජයක්

Date:

පාකිස්තානය සමග පැවැති තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-0ක් ලෙස ජය ගැනීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද(25) සමත් වුණා.

ඒ, දෙරට අතර ලාහෝර් හී දී පැවැති අවසන් ටෙස්ට් තරගයෙන් ඕස්ට්‍රේලියාව ලකුණු 115ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගය ජය ගැනීම සදහා පාකිස්තානයට දෙවැනි ඉනිමේ දී ලකුණු 351ක ඉලක්කයක් හිමි වූ නමුත්, ඔවුන්ට තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 235ක් පමණයි.

ඉමාම් උල් හක් ලකුණු 70ක් ද නායක බබාර් අසාම් ලකුණු 55ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී නෙදන් ලයන් ලකුණු 83කට කඩුලු 5ක් දවා ගත් අතර, පැට් කමින්ස් ලකුණු 23කට කඩුලු 3ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 391ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස පාකිස්තානය ලකුණු 268ක් ලබා ගත්තා.

අනතුරුව ඔස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 3ක් දැවී ලකුණු 227ක් ලබා සිටියදීයි.

මෙම තරගාවලි ජය 2011 වසරෙන් පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ආසියාවේ දී ලැබූ පළමු ටෙස්ට් තරගාවලි ජය ලෙසයි වාර්තා අතරට එක් වුණේ.

අවසන් තරගයේ වීරයා ලෙස පැට් කමින්ස් ද, තරගාවලියේ වීරයා ලෙස ලකුණු 496ක් ලබා ගත් උස්මාන් කවාජා ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

මෙම තරගාවලිය වසර 24කට පසුව පාකිස්තානයේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගාවලිය වීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...