ලකුණු 20කට කඩුලු 7ක් බිද වැටීමෙන් පාකිස්තානය අර්බුදයක

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(23) නිමා වුණේ තරගයේ වැඩි වාසි ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 11ක් ලබා සිටියා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිමේ දී මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 134ක්.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය එක් කඩුල්ලක් දැවී ලකුණු 90ක් ලබා සිටි නමුත්, ඔවුන්ට අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 268ක් පමණයි.

අබ්දුල්ලා ශෆික් ලකුණු 81ක්, අසාර් අලී ලකුණු 78ක් හා නායක බබාර් අසාම් ලකුණු 67ක් රැස් කරමින් පාකිස්තාන ඉනිම ශක්තිමත් කළා.

කෙසේ වෙතත්, පාකිස්තාන ඉනිමේ අවසන් කඩුලු 7 ලකුණු 20ක් තුළ බිද වැටීම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී පැට් කමින්ස් කඩුලු 5 ක් දවා ගත් අතර, මිචෙල් ස්ටක් කඩුලු 4ක් බිද හෙලුවා.

ලාහෝර්හි පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 391 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...