ඔස්ට්‍රේලියාව අර්බුදයකට ලක් කරමින් රිචර්ඩ්සන් පාකිස්තාන සංචාරයෙන් ඉවතට

Date:

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක කේන් රිචර්ඩ්සන්ට පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලි ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ පාදයක සිදු වූ ආබාධයක් හේතුවෙන්.

මෙල්බර්න් නුවර දී සිදු කළ පුහුණුවීම් අතරතුර දී ඔහු මෙම ආබාධයට ලක්ව ඇති බව සදහන්.

කේන් රිචර්ඩ්සන්ගේ ආබාධය හේතුවෙන් වමත් වේග පන්දු යවන ක්‍රීඩක Ben Dwarshuis සීමිත පන්දුවාර සංචිතයට කැදවීමටයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

මේ දිනවල පැවැත්වෙන ඔස්ට්‍රේලියා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව දෙරට අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරගයක් පැවැත්වීමට නියමිතයි.

එම තරගවලින් ප්‍රධාන ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් තිදෙනා වන පැට් කමින්ස්, ජොෂ් හේසල්වුඩ් හා මිචෙල් ස්ටක් මෙන්ම ඩේවිඩ් වෝනර් හා ග්ලේන් මැක්ස්වෙල් ද විවේක ගැන්වීමටයි එරට තේරීම් කමිටුව පියවර ගත්තේ.

ඒ අනුව පාකිස්තානයට එරෙහි සීමිත පන්දුවාර තරගාවලි සදහා අත්දැකීම් අවම වේග පන්දු බලඇණියක් සහිතව ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරග බිමට පිවිසෙනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...