පාකිස්තානය ලකුණු 301ක් පිටුපසින්

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(22) නිමා වුණේ තරගයේ පාලනය කණ්ඩායම් දෙකටම සමව බෙදී යමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය එක් කඩුල්ලක් දැවී ලකුණු 90ක් ලබා සිටියා.

පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ ඉමාම් උල් හක් ලකුණු 11කට දැවී ගිය අතර, අබ්දුල්ලාහ් ශෆික් නොදැවී ලකුණු 45 ක් හා අසාර් අලී නොදැවී ලකුණු 30ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

දිනය ආරම්භ කරන විට ලාහෝර්හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඔස්ට්‍රේලියාව අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 391ක්.

උස්මාන් කවාජා ලකුණු 91ක්, කැමරන් ග්‍රීන් ලකුණු 79ක්, ඇලෙක්ස් කෙරී ලකුණු 67ක් හා ස්ටීවන් ස්මිත් ලකුණු 59ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියා ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි හා නසීම් ශාහ් කඩුලු 4 බැගින් දවා ගත්තා.

ඒ අනුව පාකිස්තානය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 301ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...