වසර 8කට පසු සිම්බාබ්වේ ක්‍රීඩකයෙකු IPL පිටියට

Date:

සිම්බාබ්වේ වේග පන්දු යවන ක්‍රීඩක බ්ලෙසින්ග් මුසරබානි මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබෙනවා.

ඒ, එම කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි එංගලන්තයේ මාර්ක් වුඩ් මෙවර තරගාවලියට ක්‍රීඩා නොකරන බැවින්.

දකුණු වැලිමිටෙහි හටගෙන ඇති ආබාධයක් හේතුවෙන් වුඩ් මෙවර අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වුණා.

මේ දිනවල එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අතරතුර දීයි ඔහු එම ආබාධයට ලක් වුණේ.

මෙවර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී මාර්ක් වුඩ් මිලදී ගැනීම සදහා ලක්නව් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 7.5ක මුදලක් වැය කළා.

සිම්බාබ්වේ ක්‍රීඩකයෙකු මෙලෙස අයි.පී.එල් තරගාවලියක් සදහා ක්‍රීඩා කරන්නේ වසර 8කට පසුව වීම විශේෂත්වයක්.

මාර්ක් වුඩ් වෙනුවට බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහ්මඩ් සිය කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට ද ලක්නව් කණ්ඩායම මීට පෙර උත්සාහ දැරුවද, බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ඊට අවසර ලබා දී තිබුණේ නැහැ.

ඒ, බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට දකුණු අප්‍රිකා තරග සංචාරයක නිරතව සිටීම හා ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබීම හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...