රබාඩා – ඩී කොක්ගේ දක්ෂතා හමුවේ දෙවැනි එක්දින තරගයෙන් බංග්ලාදේශයට දරුණු පරාජයක්

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(20) සමත් වුණා.

ජොහැනස්බර්ග් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශයට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 194ක් පමණයි.

ඒ, ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 34ක් තුළ දැවී ගිය පසුබිමකයි.(දර්ශන පහතින්)

කෙසේ වෙතත්, අනතුරුව මහ්මුදුල්ලාහ් ලකුණු 25ක් ද, අෆිෆ් හොසේන් ලකුණු 72ක් ද, මෙහිදි හසාන් මිරාස් ලකුණු 38ක් ද වාර්තා කරමින් බංග්ලාදේශය යම් ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා ලකුණු 39කට කඩුලු 5ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 37.2 ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.(195/3)

ක්වෙන්ටන් ඩී කොක් පන්දු 41කින් වේගවත් ලකුණු 62ක් රැස් කළා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් සමගින්.

Kyle Verreynne නොදැවී ලකුණු 58යි. නායක ටෙම්බා බවුමා ලකුණු 37කට දැවී ගියා.

පන්දු යැවීමේ දී මෙහිදි හසාන් මිරාස්, ශකිබ් අල් හසාන් හා අෆිෆ් හොසේන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...