එංගලන්තය ලකුණු 136ක් ඉදිරියෙන්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය මෙරට වේලාවෙන් අද(20) අලුයම නිමා වුණේ සිය දෙවැනි ඉනිමේ දී එංගලන්තය ලකුණු 136ක් ඉදිරියෙන් පසුවෙමින්.

දිනය නිමා වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 40ක් ලබා සිටියා.

සැක් ක්‍රව්ලි ලකුණු 21ක් හා ඇලෙක්ස් ලීස් ලකුණු 18ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 411ක්.

කොදෙව් ඉනිම නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් වාර්තා කළ ලකුණු 160න් හා ජර්මයින් බ්ලැක්වුඩ් රැස් කළ ලකුණු 102න් ශක්තිමත් වුණා.

පන්දු යැවීමේ දී ජැක් ලීච් කඩුලු 3ක් බිද හෙලූ අතර, බෙන් ස්ටොක්ස් හා සකිබ් මහ්මූද් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

බාර්බඩෝස්හි කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 507ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමයි තීරණය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...