ඔස්ට්‍රේලියාවට එරෙහි පාකිස්තාන එක්දින හා 20යි 20 සංචිත නම් කෙරේ

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 තරගාවලි සදහා වන පාකිස්තාන සංචිත අද(17) ප්‍රකාශයට පත් කෙරුණා.

මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති වමත් දග පන්දු යවන ක්‍රීඩක අසිෆ් අෆ්රිඩි හා කඩුලු රකින පිතිකරුවෙකු වන මොහොමඩ් හැරිස් එම සංචිතවලට නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

පාදයක ආබාධයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකළ මොහොමඩ් නවාස් එක්දින හා 20යි 20 සංචිත දෙකටම නම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, අදාළ තරගාවලි සදහා ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාව හිමි වන්නේ ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය සුදුසු මට්ටමක පැවතුණහොත් පමණයි.

ලෝක කුසලාන ක්‍රිකට් සුපර් ලීගයට අයත් අදාළ එක්දින තරගාවලිය වෙනුවෙන් වන පාකිස්තාන සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත්.

20යි 20 සංචිතයට ඇතුළත්ව ඇත්තේ ක්‍රීඩකයින් 17 දෙනෙකු පමණයි.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියට තරග 3ක් ඇතුළත් අතර, අනතුරුව 20යි 20 තරගයක් ද පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලබන 29 වනදායි.

ODI squad (in alphabetical order)

  1. Babar Azam (captain) (Central Punjab)
  2. Shadab Khan (vice-captain) (Northern)
  3. Abdullah Shafique (Central Punjab)
  4. Asif Afridi (Khyber Pakhtunkhwa)
  5. Asif Ali (Northern)
  6. Fakhar Zaman (Khyber Pakhtunkhwa)
  7. Haider Ali (Northern)
  8. Haris Rauf (Northern)
  9. Hasan Ali (Central Punjab)
  10. Iftikhar Ahmed (Khyber Pakhtunkhwa)
  11. Imam-Ul-Haq (Balochistan)
  12. Khushdil Shah (Southern Punjab)
  13. Mohammad Haris (wicketkeeper) (Khyber Pakhtunkhwa)
  14. Mohammad Nawaz (Northern)
  15. Mohammad Rizwan (wicketkeeper) (Khyber Pakhtunkhwa)
  16. Mohammad Wasim Jnr (Khyber Pakhtunkhwa)
  17. Saud Shakeel (Sindh)
  18. Shaheen Shah Afridi (Khyber Pakhtunkhwa)
  19. Shahnawaz Dahani (Sindh)
  20. Usman Qadir (Central Punjab)

T20I squad (in alphabetical order):

  1. Babar Azam (captain) (Central Punjab)
  2. Shadab Khan (vice-captain) (Northern)
  3. Asif Afridi (Khyber Pakhtunkhwa)
  4. Asif Ali (Northern)
  5. Fakhar Zaman (Khyber Pakhtunkhwa)
  6. Haider Ali (Northern)
  7. Haris Rauf (Northern)
  8. Hasan Ali (Central Punjab)
  9. Iftikhar Ahmed (Khyber Pakhtunkhwa)
  10. Khushdil Shah (Southern Punjab)
  11. Mohammad Haris (wicketkeeper) (Khyber Pakhtunkhwa)
  12. Mohammad Nawaz (Northern)
  13. Mohammad Rizwan (wicketkeeper) (Khyber Pakhtunkhwa)
  14. Mohammad Wasim Jnr (Khyber Pakhtunkhwa)
  15. Shaheen Shah Afridi (Khyber Pakhtunkhwa)
  16. Shahnawaz Dahani (Sindh)
  17. Usman Qadir (Central Punjab)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...