දිමුත්, වනිදු, චමීර හා ධනංජය ඩොලර් ලක්ෂයේ කොන්ත්‍රාත් කාණ්ඩයට

Date:

ඉදිරි වසර සදහා ක්‍රීඩකයින් 20 දෙනෙකු වෙනුවෙන් ජාතික කොන්ත්‍රාත්තු පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව A 1 කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් සිව් දෙනෙකු සමග කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත්තේ.

ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, වනිදු හසරංග, දුෂ්මන්ත චමීර හා ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයින් A 1 කාණ්ඩය යටතට අයත්ව ඇති බව newswire වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

එම කාණ්ඩයේ වැටුප් වටිනාකම සදහන් වන්නේ අමෙරිකානු ඩොලර් 100,000 ක් ලෙසයි.

අමෙරිකානු ඩොලර් 80,000ක වටිනාකමකින් යුත් A 2 කාණ්ඩයට කිසිදු ක්‍රීඩකයෙකු ඇතුළත්ව නොතිබීම විශේෂත්වයක්.

ඩොලර් 65,000ක වටිනාකමකින් යුත් B 1 කාණ්ඩයට අයත් ක්‍රීඩකයින් වන්නේ සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක, ඇන්ජෙලෝ මැතිව්ස්, පැතුම් නිස්සංක, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල් හා කුසල් පෙරේරා යන ක්‍රීඩකයින්.

ලසිත් ඇඹුල්දෙණිය, රමේෂ් මෙන්ඩිස් හා චරිත් අසලංක ඩොලර් 55,000 ක වටිනාකමකින් යුත් B 2 කාණ්ඩයට ඇතුළත්.

අසලංකට පසුගිය වසරේ දී ප්‍රධාන කොන්ත්‍රාත්තුවක් හිමිව තිබුණේ නැහැ.

විශ්ව ප්‍රනාන්දු හා අවිශ්ක ප්‍රනාන්දු අයත්ව ඇත්තේ C 1 කාණ්ඩයටයි.(ඩොලර් 45,000)

C 2 කාණ්ඩයට ඇතුළත්ව ඇති ක්‍රීඩකයින් වන්නේ (ඩොලර් 35,000) චාමික කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් යන ක්‍රීඩකයින්.

මීට අමතරව තවත් ක්‍රීඩකයින් 10 දෙනෙකුට දේශීය කොන්ත්‍රාත්තු පිරිනැමීමට ද පියවර ගෙන ඇති බව සදහන්.

ප්‍රවීන් ජයවික්‍රම (ඩොලර් 20,000), ඕෂද ප්‍රනාන්දු (ඩොලර් 15,000), භානුක රාජපක්ෂ (ඩොලර් 25,000), ලක්ෂාන් සදකැන් (ඩොලර් 30,000), මහීෂ් තීක්ෂණ (ඩොලර් 30,000), නුවන් ප්‍රදීප් (ඩොලර් 20,000), බිනුර ප්‍රනාන්දු (ඩොලර් 15,000), ළහිරු කුමාර (ඩොලර් 30,000), මිනෝද් භානුක (ඩොලර් 15,000) හා කමිදු මෙන්ඩිස් (ඩොලර් 15,000) යන ක්‍රීඩකයින් එම ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත්.

මහීෂ් තීක්ෂණ පසුගිය වසරේ දී නැගී එන කාණ්ඩය යටතේ කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර තිබූ අතර, කමිදු මෙන්ඩිස් ‘A’ කණ්ඩායම් කාණ්ඩය යටතේ ගිවිසුම් අත්සන් කර තිබුණා.

පසුගිය වසරේ දී ප්‍රධාන කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කළ අශේන් බණ්ඩාර හා අකිල ධනංජයගේ නම් මෙම ලැයිස්තුවට ඇතුළත්ව නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...