දුර්වල පන්දු පාලනය නිසා ශ්‍රී ලංකාවෙන් දෙවැනි ටෙස්ට් තරගයටත් අසාර්ථක ආරම්භයක්

Date:

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද නිමා වුණේ තරගයේ වැඩි ගෞරව ඉන්දියාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 86ක්.

දිනය නිමා වීමට පන්දුවාර දෙකක් ඉතිරිව තිබියදී ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 43(85)කට දැවී ගියා. ධනංජය ද සිල්වා ලකුණු 10යි. නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 13 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

කුසල් මෙන්ඩිස් ලකුණු 2කටත්, දිමුත් කරුණාරත්න ලකුණු 4කටත්, ළහිරු තිරිමාන්න ලකුණු 8කටත් දැවී ගියා. චරිත් අසලංක ලකුණු 5යි.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 3ක් දවා ගත් අතර, මොහොමඩ් ෂාමි කඩුලු 2ක් බිද හෙලුවා.

බැංගලූරුහී දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දියාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 252ක්.

ෂ්රෙයස් අයියර් ලකුණු 92ක් රැස් කළ අතර, රිෂාබ් පාන්ට් ලකුණු 39කටත්, හනුමා විහාරි ලකුණු 31කටත් දැවී ගියා. විරාට් කෝලි ලකුණු 23යි.

පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය හා ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 3 බැගින් බිද හෙලුවා. ධනංජය ද සිල්වා කඩුලු 2ක් දවා ගත් අතර, සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන සුරංග ලක්මාල් එක් කඩුල්ලක් බිද හෙලුවා.

ශ්‍රී ලංකා දග පන්දු යවන්නන්ගේ පන්දු පාලනය ඉතා දුර්වල මට්ටමක පැවතීම හේතුවෙන් ඉන්දීය පිතිකරුවන් ඉතා අසීරු තණතීරුවක පවා ලකුණු 250 සීමාව පසු කර යාම විශේෂත්වයක්.

මේ වන විට ශ්‍රී ලංකාව පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 166ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...