කවාජාගේ ශතකය පළමු දිනයේ සියලු ගෞරව ඔස්ට්‍රේලියාවට හිමි කර දෙයි

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(12) කරච්චි ජාතික ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව පළමු දිනය සදහා තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 251ක්.

සිය 11 වන ටෙස්ට් ශතකය වාර්තා කළ උස්මාන් කවාජා නොදැවී ලකුණු 127ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ස්ටීවන් ස්මිත් ලකුණු 72 කට දැවී ගියා.

ඉනිමේ ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 82කට සීමා කරමින් ඩේවිඩ් වෝනර් ලකුණු 36කට දැවී ගියා.

අනතුරුව මර්නස් ලබුෂේන් ලකුණු නොලබා සිටියදී දුවද්දී දැවී යාමකට ගොදුරු වීම විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී ෆහීම් අශ්රෆ් හා හසන් අලී කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...