Watch : දෙවැනි පන්දුවාරයෙන්ම ඉන්දියාවේ පළමු කඩුල්ල දුවද්දී දැවී ගිය හැටි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(12) බැංගලූරුහී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල දෙවැනි පන්දුවාරයේ දී ම දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ, මයාන්ක් අගාර්වල් ලකුණු 4කට දුවද්දී දැවී යාමකට හසු කර ගනිමින්.

එම අවස්ථාව බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වුණේ අදාළ පන්දුවේ දී ඔහුව කඩුල්ල මුවා කිරීමේ වරදට ද හසු කර ගැනීම සදහා ද ශ්‍රී ලංකා කණ්ඩායම විනිසුරුගෙන් දැඩි ඉල්ලීමක් සිදු කළ මොහොතක මෙම දුවද්දී දැවී යාම සිදු වීම හේතුවෙන්.

කෙසේ වෙතත්, විනිසුරු විසින් අගාර්වල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී නොගිය පිතිකරුවෙකු ලෙසයි නම් කළේ.

නමුත්, ශ්‍රී ලංකා කණ්ඩායමට ඔහුව දුවද්දී දැවී යාමකට හසු කර ගැනීමට පහසුවෙන් හැකි වූ පසුබිමක පවා ඔහුව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීම සදහා විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය යොදා ගැනීමට ද අවශ්‍යතාවයක් පැවැති බව දක්නට ලැබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, විශ්ව ප්‍රනාන්දු යොමු කළ අදාළ පන්දුව නිපන්දුවක් ලෙස පසුව විනිසුරු විසින් සංඥා කරනු ලැබීම ද කැපී පෙනුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...