පින්ඩි ක්‍රීඩාංගනයට රංජන් මඩුගල්ල දඩුවම් පනවයි

Date:

පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා යොදා ගත් රාවල්පින්ඩිහි ක්‍රීඩාංගනයේ තණතීරුව නියමිත ප්‍රමිතියට නොතිබූ (below average) බව ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පවසනවා.

එම තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කළ රංජන් මඩුගල්ල මහතා මේ බව තීරණය කර ඇති බවයි අයි.සී.සීය අද(10) නිවේදනය කළේ.

ඒ අනුව ක්‍රීඩාංගනයට එරෙහිව දඩුවම් ලකුණක් ද (demerit point) පැනවීමට පියවර ගෙන තිබෙනවා.

තරගයක් සදහා යොදා ගැනෙන තණතීරුව නියමිත සාමාන්‍ය ප්‍රමිතියට වඩා පහළ මට්ටමක් (below average) ඇති බවට නියම කෙරෙන අවස්ථාවලදී එක් දඩුවම් ලකුණක් පනවනු ලබනවා.

තණතීරුවක් “දුර්වල” යැයි තරග තීරකවරයා විසින් ප්‍රකාශයට පත් කළහොත් දඩුවම් ලකුණු 3ක් ද, “නුසුදුසු” යැයි තීරණය කළහොත් දඩුවම් ලකුණු 5ක් ද පනවනු ලබනවා.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර, තරගයේ දී ක්‍රියාත්මක වූයේ ඉනිම් 3ක් පමණයි.

එහිදී ලකුණු 1,187 ක් වාර්තා කිරීමට පිතිකරුවන්ට හැකි වුණා.

පන්දු යවන්නන්ට දවා ගැනීමට හැකි වූයේ කඩුලු 14ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...