පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොර වෙයි

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(8) ජය පරාජයෙන් තොරව නිමා වුණා.

තරගයේ අවසන් දිනය වූ අද දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 252ක් ලබා සිටියා.

අබ්දුල්ලාහ් ශෆික් නොදැවී ලකුණු 136ක් හා පළමු ඉනිමේ දී ද ශතකයක් වාර්තා කළ ඉමාම් උල් හක් නොදැවී ලකුණු 111ක් රැස් කර කඩුල්ලේ රැදී සිටියා.

අවසන් දිනය සදහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 7ක් දැවී ලකුණු 449ක් ලබා සිටි අතර, ඔවුන් සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 459ක්.

උස්මාන් කවාජා ලකුණු 97කටත්, මර්නස් ලබුෂේන් ලකුණු 90කටත්, ස්ටීවන් ස්මිත් ලකුණු 78කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී නවුමන් අලී කඩුලු 6ක් දවා ගත්තා.

රාවල්පින්ඩිහි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 4ක් දැවී ලකුණු 476ක් ලබා සිටියදීයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...