පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ඉනිමක දැවැන්ත පරාජයක්

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් තරඟයෙන් ඉනිමක සහ ලකුණු 222 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද(6) සමත් වුණා.

මොහාලි ක්‍රීඩාංගණයේ පැවති තරඟයේ තෙවැනි දිනය වූ අද දිනයේ දී අඛණ්ඩව සිය දෙවනි ඉනිම ද ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 178ක් පමණයි.

නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 51යි. ධනංජය ද සිල්වා ලකුණු 30කටත්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 28 කටත්, දිමුත් කරුණාරත්න ලකුණු 27කටත් දැවී ගියා.

පන්දු යැවීමේදී රවීන්ද්‍ර ජඩේජා හා රවිචන්ද්‍රන් අශ්වින් කඩුළු 4 බැගින් දවා ගත්තා.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 174 ක් පමණයි.

පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 61යි. පන්දු යැවීමේදී රවීන්ද්‍ර ජඩේජා කඩුලු 5ක් බිඳ හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුලු 8ක් දැවී ලකුණු 574 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළා.( ජඩේජා 175*)

දෙරට අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන 12 වනදා බැංගලූරුහී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...