ශ්‍රී ලංකාව 466ක් පිටුපසින්

Date:

පංජාබ් හී මොහාලී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන  ඉන්දු – ශ්‍රී ලංකා ප්‍රථම ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (05) නිමාවට පත්වුනේ තරගයේ පාලනය ඉන්දියාවට හිමිකර දෙමින්.

දිනය නිමා වන විට  ප්‍රථම ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් බිඳ වැටී ලකුනු 108 ක් ලබා සිටියා.

පැතුම් නිස්සංක සහ චරිත් අසලංක පිළිවලින් ලකුනු 26(75) ක් සහ ලකුනු 1(12) ක් ලබා කඩුල්ලේ රැඳී සිටිනවා.

ඉන්දියාව පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 574 ක් ලබා සිටියදීයි.

මෙම තරගය අතරතුර ජස්ප්‍රිට් බුම්රා විසින් පැතුම් නිස්සංකට යොමු කල නිපන්දුවක් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුනා.

ශ්‍රී ලංකා ඉනිමේ 32 වන පන්දුවාරයේ දී බුම්රා යොමු කල පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී පැතුම් නිස්සංක දැවී ගියා.

කෙසේ වෙතත් එම අවස්ථාවේදීම ජස්ප්‍රිට් බුම්රා යොමුකල පන්දුව නිපන්දුවක් ලෙස නම් කෙරුනු බැවින් පැතුම්ට පිතිකරණයෙ යලි නිරත වීමට අවස්ථාව උදා වුණා.

මේ වන විට ශ්‍රී ලංකාව පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 466 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...