PSL ශූරතාවය පළමු වරට ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායමට

Date:

මෙවර පාකිස්තාන සුපර් ලීග් (PSL) ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශහීන් ශාහ් අෆ්රිඩි නායකත්වය දරන ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, ඊයේ(27) රාත්‍රියේ පැවැති අවසන් මහා තරගයේ දී මොහොමඩ් රිස්වාන් නායකත්වය දැරූ මුල්තාන් සුල්තාන් කණ්ඩායම ලකුණු 42කින් පරාජයට පත් කරමින්.

ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ලාහෝර් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් ලබා ගත්තේ පාකිස්තාන සුපර් ලීග් ශූරතාවය දිනා ගැනීමට ලකුණු 181ක ඉලක්කයක් මුල්තාන් කණ්ඩායමට හිමි කර දෙමින්.

මොහොමඩ් හෆීස් ලකුණු 69(46)ක් හා හැරී බෘෘක් නොදැවී ලකුණු 41(22) ක් රැස් කළා. ඩේවිඩ් වීසා නොදැවී ලකුණු 28(8)යි.

පන්දු යැවීමේ දී අසිෆ් අෆ්රිඩි කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුල්තාන් කණ්ඩායමට පන්දුවාර 19.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 138ක් පමණයි.

කුෂ්දිල් ශාහ් ලකුණු 32ක් රැස් කළ අතර, ටිම් ඩේවිඩ් ලකුණූ 27කටත්, ශාන් මසූඩ් ලකුණු 19කටත්, රිලී රොසොව් ලකුණු 15කටත්, මොහොමඩ් රිස්වාන් ලකුණු 14කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි කඩුලු 3ක් බිද හෙලුවා. මොහොමඩ් හෆීස් හා සමාන් ඛාන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

අවසන් තරගයේ වීරයා ලෙස මොහොමඩ් හෆීස් ද තරගාවලියේ වීරයා ලෙස මොහොමඩ් රිස්වාන් ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම පාකිස්තාන සුපර් ලීග් ශූරතාවය දිනූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...