තවත් ඉන්දීය පිතිකරුවෙකු ශ්‍රී ලංකා 20යි 20 තරගාවලියෙන් ඉවතට

Date:

ඉන්දීය පිතිකරු මයාන්ක් අගාර්වල් ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20 තරගාවලියේ අවසන් තරග 2 සදහා වන ඉන්දීය සංචිතයට කැදවා තිබෙනවා.

දකුණු අතෙහි මැණික්කටුව ප්‍රදේශයේ ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන් රුටුරාජ් ගයික්වඩ්ට ඉදිරි 20යි 20 තරග දෙක අහිමි වන බැවින් මෙම ක්‍රීඩක ආදේශ කිරීම සිදු කිරීමටයි ඉන්දීය තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

එම ආබාධය නිසා ඔහු ඊයේ නිමා වූ පළමු 20යි 20 තරගය සදහා ද ක්‍රීඩා කළේ නැහැ.

ඉන්දීය ටෙස්ට් ක්‍රීඩකයින් මේ වන විට ජෛව ආරක්ෂිත බුබුලක රැදී සිටින අතර, මයාන්ක් අගාර්වල් ද එම ක්‍රීඩකයින් අතරට ඇතුළත්ව සිටියා.

ඒ හේතුවෙන් ඔහුව ඉතා පහසුවෙන් ජෛව ආරක්ෂිත බුබුලකින් තවත් බුබුලකට මාරු කිරීමේ අවස්ථාව ඉන්දීය ක්‍රිකට් බළධාරීන්ට උදා වුණා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි හා තෙවැනි 20යි 20 තරග හෙට(26) හා අනිද්දා(27) යන දිනවලදී ධරම්ශාලා හී දී පැවැත්වීමට නියමිතයි.

මීට පෙර දීපක් චහාර්ට හා සූර්යකුමාර් යාදෙව්ට ද ආබාධ හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...