IPL තරග 55ක් මුම්බායි නුවරට ; දිල්ලි කණ්ඩායමට නව සහාය පුහුණුකරුවන් දෙදෙනෙකුත් පත් කෙරේ

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තරග වදින දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු ලෙස අජිත් අගාර්කර් පත් කර තිබෙනවා.

ඒ අනුව ඉන්දීය හිටපු වේග පන්දු යවන්නෙකු වන අගාර්කර් ප්‍රධාන පුහුණුකරු රිකී පොන්ටින් සමග එළඹෙන අයි.පී.එල් තරග වාරයේ දී කටයුතු කරනු ඇති.

ඔස්ට්‍රේලියානු හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ශේන් වොට්සන් ද දිල්ලි කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු ලෙස මේ වන විට එක්ව තිබෙනවා.

මේ අතර, මාර්තු 26 වනදා පමණ වන විට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති මෙවර අයි.පී.එල් තරගාවලියේ මූලික වටයේ තරග 55ක් මුම්බායි නුවර කේන්ද්‍රකරගත් ක්‍රීඩාංගන තුනකදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

Wankhede, Brabourne, හා DY Patil යන ක්‍රීඩාංගනවලදී එම තරග පැවැත්වීමටයි අවධානය යොමු කර ඇත්තේ.

පූනේහි MCA ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී තවත් තරග 15ක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සදහන්.

අද(24) පැවැත්වෙන අයි.පී.එල් තරගාවලියේ සංවිධායක මණ්ඩලයේ රැස්වීමකදී තරග කාලසටහන සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...