තරගාවලිය පැරදුණත් ශ්‍රී ලංකාව ලබා ගත් වටිනා දෙයක් ගැන ඉයන් බිෂොප් කතා කරයි

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස තරග සංචාරය අද (20) නිමාවට පත්වුණේ ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට 4 – 1ක් ලෙස තරගාවලි ජයග්‍රහණයක් හිමිකරදෙමින්.

පිට පිට තරග 4 ක් පරාජයට පත් වීමෙන් පසුව අද පැවැති අවසන් තරගයේදී කඩුලු 05 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීම විශේෂත්වයක්.

අත්දැකීම් අඩු නවක ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය පුරාවටම දැක්වූ දක්ෂතා ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ පමණක් නොව බොහෝ පාර්ශවයන්ගේ ප්‍රශංසාවට ලක්වෙනු දැකගන්නට ලැබුණා.

විශේෂයෙන් පන්දු යැවීමේ අංශය තුළින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉහළ දක්ෂතාවයක් මෙම තරගාවලියේ දී දැක් වූ අතර, එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ඉතා ධනාත්මක කරුණක් බව ද සදහන් කළ හැකියි.

තවත් මාස 8කින් පමණ ආරම්භ වන ICC පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන බැවින් මෙම තරගාවලිය තුළින් ලද අත්දැකීම් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන සැලසුම් වෙනුවෙන් ඉතාමත් වැදගත් වනු ඇති.

මේ පිළිබඳ සහ ශ්‍රී ලංකාව අවසන් තරගයේදී ලබා ගත් ජයග්‍රහණය සම්බන්ධව ට්විටර් සටහනක් තබමින් ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන කොදෙව් ජාතික ඉයන් බිෂොප් අදහස් දක්වා තිබුණා.

ඔහු පැවසුවේ දිරිගන්වන සුළු ජයග්‍රහනයකින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය අවසන් කළ බවයි.

එමෙන්ම ඉදිරි විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ක්‍රීඩා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් මෙම තරගාවලියෙන් ශ්‍රී ලංකාව ලබාගන්නට ඇති බව ද ඉයන් බිෂොප් පෙන්වා දුන්නා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...