Watch : මැක්ඩර්මට්ගේ උඩ පන්දුව රැක ගැනීමට ගිය චරිත් හා පැතුම් ගැටුණු හැටි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පස්වැනි හා අවසන් 20යි 20 තරගය මෙරට වේලාවෙන් අද(20) පෙරවරුවේ ආරම්භ වුණා.

මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වූ අතර, ඔවුන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මෙම තරගය සදහා ශ්‍රී ලංකාව වෙනස්කම් 3ක් සිදු කළා.

ඒ අනුව කමිල් මිෂාර හා ජනිත් ලියනගේ ජාත්‍යන්තර වරම් දිනා ගත් අතර, ප්‍රවීන් ජයවික්‍රම ද කණ්ඩායමට කැදවනු ලැබුවා.

ධනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල් හා ජෙෆ්රි වැන්ඩර්සේ යන ක්‍රීඩකයින්ට කණ්ඩායමේ ස්ථාන අහිමි වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 154ක් රැස් කිරීමට සමත් වුණා.

ඉනිම ආරම්භයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ප්‍රබල අභියෝගයක් ඔස්ට්‍රේලියාවට එල්ල වූ අතර, පළමු පන්දුවාර 6 (පවර් ප්ලේ) අවසන් වන විට ඔවුන් ලබා ගෙන තිබුණේ කඩුලු 2ක් දැවී ලකුණු 22ක් පමණයි.

ආරෝන් ෆින්ච් ලකුණු 8කටත්, බෙන් මැක්ඩර්මට් ලකුණු 3කටත් දැවී ගියා.(මැක්ඩර්මට්ගේ දැවී යාමේ දර්ශන පහතින්)

ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 29ක් හා ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 23ක් ලබා ගත්තා. මර්කස් ස්ටොයිනිස් ලකුණු 17යි.

මැතිව් වේඩ් නොදැවී ලකුණු 43(27)ක් හා ඩැනියල් සෑම්ස් ලකුණු 18(15)ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 150 සීමාව පසුකර රැගෙන යාමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ළහිරු කුමාර හා දුෂ්මන්ත චමීර කඩුලු 2 බැගින් දවා ගත් අතර, ප්‍රවීන් ජයවික්‍රම හා චාමික කරුණාරත්න ද එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...