මැද පෙල අසාර්ථක වීම හේතුවෙන් ශ්‍රී ලංකාව සිව්වැනි 20යි 20ත් පරදියි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කරමින් තරග 4-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(18) සමත් වුණා.

මෙල්බර්න් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 139ක් ලබා ගත්තා.

ආරම්භක කඩුල්ල සදහා ලකුණු 35ක සබදතාවයක් ගොඩ ගැනීමට ධනුෂ්ක ගුණතිලක හා පැතුම් නිස්සංක සමත් වුණා.

ගුණතිලක ලකුණු 17කට දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 27කට අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා.

චරිත් අසලංක ලකුණු 22 ක් ලබා ගත් අතර, නැවතත් ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වූ පැතුම් ලකුණු 46ක් රැස් කළා.

ශ්‍රී ලංකා මැද පෙල කඩුලු රැසක් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම හේතුවෙන් මෙම තරගයේ දී ශ්‍රී ලංකාව ලබා ගත් සාර්ථක ආරම්භය විශාල ලකුණු සංඛ්‍යාවක් දක්වා පරිවර්තනය කර ගැනීමට නොහැකි වුණා.

චාමික කරුණාරත්න නොදැවී ලකුණු 14යි.

පන්දු යැවීමේ දී ජයි රිචර්ඩ්සන් හා කේන් රිචර්ඩ්සන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 18.1ක් අවසානයේ දී යි.

බෙන් මැක්ඩර්මට් ලකුණු 9කටත්, ආරෝන් ෆින්ච් ලකුණු 2කටත්, ඇෂ්ටන් ඒගාර් ලකුණු 26(31)කටත් දවා ගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සටනට යළි අවතීර්ණ වූ නමුත්, ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 40(20)ක් හා ග්ලේන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 48(39)ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ළහිරු කුමාර කඩුලු 2ක් දවා ගත් අතර, මහීෂ් තීක්ෂණ හා දුෂ්මන්ත චමීර අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...