මහනුවරට එරෙහි අවසන් සටනට යාපනය සුදුසුකම් ලබයි

Date:

ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට යාපනය කණ්ඩායම අද(16) සමත් වුණා.

ඒ, තරගාවලියේ 20 වැනි තරගයෙන් කොළඹ කණ්ඩායම පරදා කඩුලු 4ක ජයක් වාර්තා කරමින්.

දඹුල්ල ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 195ක් රැස් කළා.

රොෂේන් සිල්වා නොදැවී ලකුණු 64(77)ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් හා ධනංජය ද සිල්වා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ යාපනය පිල පන්දුවාර 46.5ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රහනය වාර්තා කළා.

නායක ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 79(93)යි. පන්දු යැවීමේ දී තරිදු රත්නායක කඩුලු 2ක් දවා ගත්තා.

ඒ අනුව එළඹෙන 19 වැනිදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන අවසන් තරගයේ දී මහනුවර කණ්ඩායමට එරෙහිව යාපනය කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ මහනුවර කන්ඩායම දිනා ගත්තේ ක්‍රීඩා කළ තරග 8න් තරග 6ක් ජය ගනිමින්.(ප්‍රසාද ලකුණු 30ක්)

දෙවැනි ස්ථානය දිනා ගත් යාපනය කණ්ඩායම තරග 8කදී ජයග්‍රහන 5ක් වාර්තා කළා.(ප්‍රසාද ලකුණු 22)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...