පළමු 20යි 20න් ඉන්දියාවට කඩුලු 6ක ජයක්

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කරමින් තරග 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට ඉන්දියාව අද(16) සමත් වුණා.

කොල්කටා හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 7ක් දැවී ලකුණූ 157ක් ලබා ගත්තා.

නිකලස් පූරාන් පන්දු 43කින් ලකුණු 61ක් රැස් කළා. ඒ, හයේ පහර 5ක් හා හතරේ පහර 4ක් සමගින්.

ක්යල් මේයර්ස් ලකුණු 31ක් හා කයිරන් පොලාඩ් නොදැවී ලකුණු 24ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී හර්ෂාල් පටෙල් හා සිය මංගල 20යි 20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ රවී බිෂ්නෝයි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ඉනිම නිමා වීමට පන්දු 7ක් ඉතිරිව තිබියදීයි.

රෝහිට් ෂර්මා ලකුණු 40(19)ක් හා ඉෂාන් කිෂන් ලකුණු 35(42)ක් රැස් කළා.

සූර්යකුමාර් යාදෙව් නොදැවී ලකුණු 34(18)ක් ද වෙන්කටේෂ් අයියර් නොදැවී ලකුණු 24(13)ක් ද වාර්තා කරමින් ඉන්දියාව ජයග්‍රාහී සීමාව කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී රොස්ටන් චේස් කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...