වනිදුට ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය අහිමි වෙයි

Date:

ජාත්‍යන්තර පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය ශ්‍රී ලංකාවේ වනිදු හසරංගට අහිමි වී තිබෙනවා.

අද(16) නිකුත් කෙරුණු නවතම අයි.සී.සී පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඔහු තෙවැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පසුබැස ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු 20යි 20 තරග දෙකේ දී වනිදු කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ නමුත්, ඔහුට තෙවැනි 20යි 20 තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වුණේ කොවිඩ් 19 ආසාදනය වීම හේතුවන්.

මේ වන විට ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය යළි හිමි කර ගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ශම්සි.

ඔහුට ශ්‍රේණිගත ලකුණු 784ක් හිමිව ඇති අතර, වනිදුට හිමිව ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 760ක් පමණයි.

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව දෙවැනි ස්ථානය දක්වා ස්ථාන 4කින් ඉදිරියට පැමිණ තිබීම ද විශේෂත්වයක්. ඒ, ශ්‍රේණිගත ලකුණු 783 ක් හිමි කර ගනිමින්.

ඔහු ශ්‍රී ලංකාවට එරෙහි පළමු තරග තුනේ දී කඩුලු 8ක් දවා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...