අවසන් පන්දු 4 දී දැවී ගිය කඩුලු 3 කරච්චියට අනපේක්ෂිත අයුරින් 7 වැනි පරාජයත් උරුම කරයි

Date:

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ 21 වන තරගය ලාහෝර් නුවර ගඩාෆී ක්‍රීඩාංගණයෙදී ඊයේ ( 14 ) නිමාව දුටුවේ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමට එක් ලකුණක තියුණු ජයග්‍රහණයක් හිමිකර දෙමින්.

එම තරගයේදී යුනයිටඩ් කණ්ඩායම හමුවේ පරාජයට පත්වුණේ බාබර් අසාම් නායකත්වය දරන කරච්චි කිංග්ස් කණ්ඩායමයි.

මේ වන විට කරච්චි කිංග්ස් කණ්ඩායම තරගාවලියේ මෙතෙක් මුහුණ දුන් තරග 7 ම පරාජයට පත්වීම විශේෂත්වයක්.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් කරච්චි කණ්ඩායමේ නායක බාබර් අසාම් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමට ආරාධනා කළා.

එම ආරාධනයෙන් පිටියට පිවිසි ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් බිඳ වැටී ලකුණු 191 ක් රැස්කිරීමට සමත් වුණා.

නායක ශඩාබ් කාන් ලකුණු 34(26) ක් රැස්කළා. ඇලෙක්ස් හේල්ස් ලකුණු 25(19) යි. අසීෆ් අලී ලකුණු 28(11) ක් සහ අසාම් කාන් ලකුණු 22(14) රැස්කළා.

ෆහීම් අශ්රෆ් පන්දු 10 කදි නොදැවී ලකුණු 29 ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ඉමාඩ් වසීම් කඩුලු 2 ක් බිඳ හෙලූ අතර, මිර් හම්සා, ක්‍රිස් ජෝඩන්, උමයිඩ් අසීෆ් සහ ජෝර්ඩන් තොම්සන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 192 ක ඉලක්කයක් හඹා ගිය කරච්චි කිංග්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් බිඳ වැටී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 190 ක් පමණයි.

ෂජීල් කාන් ලකුණු 44(29) ක් සහ පාකිස්තාන යොවුන් කණ්ඩායමේ නායකයා වූ කසීස් අක්‍රම් නොදැවී ලකුණු 51(26) ක් රැස්කළා. ඉමාඩ් වසීම් ලකුණු 55(28)යි.

තරගය ජය ගැනීම සදහා අවසන් පන්දුවාරයේදී කරච්චි කිංග්ස් කණ්ඩායමට ලකුණු 8 ක් පමණක් අවශ්‍ය වු නමුත්, ඔවුන්ට ලබාගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 6 ක් පමණයි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වකාස් මක්සූඩ් එම පන්දුවාරයේදී කඩුලු 2 ක් දවා ගත් අතර, අවසන් පන්දුවේ දී ක්‍රිස් ජෝර්ඩන්ව දුවද්දී දවා ගැනීමටකට ද හසු කර ගනිමින් සිය කණ්ඩායමට තියුණු ජයග්‍රහණයක් රැගෙන ඒමට සමත්වුණා.

පන්දු යැවීමේදී වකාස් මක්සූඩ් කඩුලු 3 ක් සහ අසීෆ් අලී කඩුලු 2 ක් බිඳ හෙලුවා. සීශාන් සමීර් සහ ලියම් ඩෝසන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

තුන් ඉරියව්වෙන් දක්ෂතා ප්‍රදර්ශනය කළ අසීෆ් අලී තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

අවසන් කඩුලු තුනේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...