වනිදු හසරංගට ඉතිරි 20යි 20 තරග අහිමි වෙයි

Date:

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත අවසන් 20යි 20 තරග 3 ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති.

අද පෙරවරුවේ සිදු කෙරුණු රැපිඩ් ඇන්‍ටිජන් පරීක්ෂණයකදී මේ බව අනාවරණය වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අද(15) පැවැත්වෙන තෙවැනි 20යි 20 තරගය සදහා ජෙෆ්රි වැන්ඩර්සේ කණ්ඩායමට ආදේශ කිරීමට ඉඩ තිබෙනවා.

මීට පෙර කුසල් මෙන්ඩිස්ට හා බිනුර ප්‍රනාන්දුට ද එරට දී කොවිඩ් 19 ආසාදනය වුණා.

ඒ හේතුවෙන් කුසල්ට පළමු 20යි 20 තරග දෙක අහිමි වූ නමුත්, අද තරගය සදහා ක්‍රීඩා කිරීමට ඔහු සූදානමින් පසුවනවා.

බිනුර ප්‍රනාන්දු පළමු 20යි 20 තරගයට ක්‍රීඩා කළ නමුත්, ඔහුට තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වනු ඇති බවයි වාර්තා වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...