IPL වෙන්දේසිය අවසන් ; අලෙවි වූ හා නොවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව මෙන්න

Date:

දින දෙකක් පුරා පැවැති 2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද(13) රාත්‍රී 9ට පමණ අවසන් වුණා.

බැංගලූරුහී දී පැවැති ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 204 දෙනෙකු අලෙවි වූ අතර, ඊට විදෙස් ක්‍රීඩකයින් 67 දෙනෙකු ද ඇතුළත්.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙකු ද මෙවර වෙන්දේසියේ දී අලෙවි වීම විශේෂත්වයක්.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වැඩිම මිලකට අලෙවි වූයේ දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගයි.

ඔහු ඉන්දීය රුපියල් කෝටි 10.75ක මුදලකට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මිලදී ගත්තා.

වනිදු වෙන්දේසියට ලියාපදිංචි වී තිබුණේ රුපියල් කෝටියක මූලික වටිනාකමක් යටතේයි.

වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 2ක මුදලකට මිලදී ගත්තා.

ඒ, ඔහු රුපියල් ලක්ෂ 50ක මූලික වටිනාමක් යටතේ ලියාපදිංචි වී තිබූ පසුබිමකයි.

දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මිලදී ගත්තේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින්. ඒ, ඉන්දීය රුපියල් ලක්ෂ 70ක මුදලකටයි.

ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මූලික වටිනාකමක් යටතේයි ඔහු වෙන්දේසියට ඉදිරිපත්ව සිටියේ.

ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ පංජාබ් කිංග්ස් කණ්ඩායමට අද පස්වරුවේ අලෙවි වුණා.

එම කණ්ඩායම විසින් ඔහුව මිලදී ගත්තේ භානුකගේ මූලික වටිනාකම වූ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදල වැය කරමින්.

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න මිලදී ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා. ඒ, ඔහුගේ මූලික වටිනාමක වූ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලටයි.

චරිත් අසලංක, මතීෂ පතිරණ වෙන්දේසියට ඉදිරිපත් කළ නමුත්, ඔවුන්ව කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.

මෙවර වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 23 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, අකිල ධනංජය , අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, දසුන් ශානක, කෙවින් කොත්තිගොඩ, තිසර පෙරේරා, ළහිරු කුමාර , ඉසුරු උදාන, නුවන් තුෂාර, ධනුෂ්ක ගුණතිලක, ධනංජය ලක්ෂාන්, සීක්කුගේ ප්‍රසන්න හා දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකයින් වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...