IPL වෙන්දේසියේ පළමු දිනයේ දී ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් 10 දෙනා

Date:

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ පළමු දිනය අද(12) බැංගලූරුහී දී නිමා වුණා.

අද දිනයේ දී ක්‍රීඩකයින් 97 දෙනෙකු වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණු අතර, ඉන් ක්‍රීඩකයින් 74 දෙනෙකු කණ්ඩායම් හිමිකරුවන් විසින් මිලදී ගැනීමට කටයුතු කළා.

කෙසේ වෙතත්, ක්‍රීඩකයින් 23 දෙනෙකු මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

අද දිනයේ දී වැඩිම මිලකට අලෙවි වුණේ ඉන්දීය පිතිකරු ඉෂාන් කිෂන්.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ඔහුව මිලදී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 15.25 ක මිලකටයි.

දීපක් චහාර් ඉන්දීය රුපියල් කෝටි 14කට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තා.

ෂ්රෙයස් අයියර් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 12.25කටයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 23 දෙනෙකු වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත්, අද දිනයේ දී වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණේ වනිදු හසරංග පමණයි.

ඔහුව ඉන්දීය රුපියල් කෝටි 10.75ක මුදලකට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මිලදී ගත්තා.

එම මුදල සටහන් වන්නේ අද දිනයේ දී විදෙස් ක්‍රීඩකයෙකු අලෙවි වූ සම ඉහළම වටිනාකම ලෙසයි.

නිකලස් පූරාන් ද ඉන්දීය රුපියල් කෝටි 10.75ක මුදලකට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම විසින් මිලදී ගැනීමට සමත් වුණා.

වෙන්දේසියේ පළමු දිනයේ දී ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් 10 දෙනා –

  1. ඉෂාන් කිෂන් : මුම්බායි ඉන්දියන්ස් – ඉන්දීය රුපියල් කෝටි 15.25
  2. දීපක් චහාර් : චෙන්නායි සුපර් කිංග්ස් – ඉන්දීය රුපියල් කෝටි 14
  3. ෂ්රෙයස් අයියර් : කොල්කටා නයිට් රයිඩර්ස් – ඉන්දීය රුපියල් කෝටි 12.25
  4. ශර්දුල් තාකූර් : දිල්ලි කැපිටල්ස් – ඉන්දීය රුපියල් කෝටි 10.75
  5. හර්ෂාල් පටෙල් : රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – ඉන්දීය රුපියල් කෝටි 10.75
  6. වනිදු හසරංග : රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – ඉන්දීය රුපියල් කෝටි 10.75
  7. නිකලස් පූරාන් : සන්රයිසස් හයිදරාබාද් – ඉන්දීය රුපියල් කෝටි 10.75
  8. ලොකී ෆර්ගියුසන් : ගුජරාට් ටයිටන්ස් – ඉන්දීය රුපියල් කෝටි 10
  9. අවේෂ් ඛාන් : ලක්නව් සුපර් ජයන්ට්ස් – ඉන්දීය රුපියල් කෝටි 10
  10. ප්‍රසිද් ක්‍රිෂ්නා – රාජස්ථාන් රෝයල්ස් – ඉන්දීය රුපියල් කෝටි 10

Also Read : IPL වෙන්දේසියේ පළමු දිනයේ දී අලෙවි වූ හා අලෙවි නොවූ ක්‍රීඩක ලැයිස්තුව

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...