Watch : උඩ පන්දුවක් රැක ගැනීමට ගොස් රිස්වාන් හා ශර්නවාස් ගැටුණු අයුරු

Date:

මොහොමඩ් රිස්වාන් නායකත්වය දරන මුල්තාන් සුල්තාන් කණ්ඩායමට පිට පිට 6 වන ජයග්‍රහණයත් හිමිකර දෙමින් මෙවර මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ 16 වන තරගය ඊයේ (10) ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගනයේදී නිමාව දුටුවා.

මෙම තරගයේදී මුල්තාන් සුල්තාන් කණ්ඩායම හමුවේ ලකුණු 42කින් පරාජයට පත්වුණේ පෙෂාවර් සල්මි කණ්ඩායමයි.

පෙෂාවර් කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මුල්තාන් සුල්තාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් බිඳ වැටී ලකුණු 182 ක් රැස්කළා.

අනර්ඝ ඉනිමක් දියත් කළ ශාන් මසූඩ් ලකුණු 68(49) ලබා ගත්තා. නායක රිස්වාන් ලකුණු 34(34) කට දැවී ගියා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ටිම් ඩේවිඩ් පන්දු 18 කදී ලකුණු 34 ක් රැස් කළේ හයේ පහරවල් 03 ක් සහ හතරේ පහරවල් 02 ක් සමගින්.

පන්දු යැවීමේදී සකිබ් මහ්මුද්, වහබ් රියාස් සහ සල්මන් ඉර්ශාඩ් අතරේ කඩුලු 2 බැගින් බෙදීගියා.

ලකුණු 183 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පෙෂාවර් සල්මි කණ්ඩායමට පන්දුවාර 19.3 ක් තුළ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුනු 140 ක් පමණයි.

ෂොයිබ් මලික් ලකුණු 44(31) ක් රැස්කළා. ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 24(16) යි. ශර්ෆේන් රදර්ෆර්ඩ් ලකුණු 21(19) කටත්, බෙන් කටින් ලකුනු 23(11) කටත් දැවීගියා. සකිබ් මහ්මුද් නොදැවී ලකුණු 11(11) යි.

කම්රාන් අක්මාල් , හේදර් අලී , හුසේන් තාලාත් ඇතුළු සෙසු කිසිදු පිතිකරුවකුට ලකුණු 5 සීමාව පසුකර යාමට මුල්තාන් පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී කුෂ්දිල් ශාහ් හා බ්ලෙසින්ග් මුසරබානි (Blessing Muzarabani) කඩුලු 3 බැගින් බිද හෙලුවා.

මෙම තරගය අතරවාරයේදී පෙෂාවර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කම්රාන් අක්මාල්ගේ කඩුල්ල දවා ගැනීම සදහා මුසරබානි විසින් යොමුකළ පන්දුවකට ශර්නවාස් ධහානී රැකගත් උඩ පන්දුව බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්වුණා.

එම අවස්ථාවේදී කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන්ද එම උඩ පන්දුව රැක ගැනීම සදහා දිව ආ අතර, ඔවුන් දෙදෙනා අතර යම් ඝට්ටනයක් ද සිදු වුණා.

කෙසේ වෙතත්, ධහානී සිය අත රැඳී පන්දුව ගිලිහී යාමට ඉඩ ලබා දුන්නේ නැහැ.

දර්ශන පහතින –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...