නුවනිදුගේ ශතකය අපතේ යවමින් මහනුවර අවසන් තරගයට සුදුසුකම් ලබයි

Date:

ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට මහනුවර කණ්ඩායම අද(10) සමත් වුණා.

ඒ, අද(10) පැවැති තරගාවලියේ 15 වැනි තරගයෙන් කොළඹ කණ්ඩායම පරදා කඩුලු 6ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම පන්දුවාර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 271ක් ලබා ගත්තා.

අඛණ්ඩව සිය දෙවැනි ශතකය ද වාර්තා කළ නුවනිදු ප්‍රනාන්දු ලකුණු 112 ක් රැස් කළ අතර, සම්මු අශාන් ලකුණු 62කට දැවී ගියා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු හා පුලින තරංග කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර කණ්ඩායම පන්දුවාර 48.5 ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.(272/4)

ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 85ක් හා සහන් ආරච්චිගේ ලකුණු 64ක් ලබා ගනිමින් මහනුවර කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහනයක් කරා රැගෙන ගියා.

ළහිරු උදාර ලකුණු 34ක් ද, පුලින තරංග පන්දු 22කින් ලකුණු 32ක් ද රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ළහිරු මදුෂංක කඩුලු 2ක් දවා ගත් අතර, මොහොමඩ් දිල්ෂාඩ් හා සම්මු අශාන් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...