දුනිත් වෙල්ලාලගේ යාපනය කණ්ඩායම සමග එක් වෙයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට අවස්ථාවක් හිමිව තිබෙනවා.

නිමා වූ යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා (කඩුලු 17ක්) මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා (ලකුණු 264 ක්) වූ ඔහු ජාතික සුපර් ලීග් තරගාවලියේ දී ධනංජය ද සිල්වා නායකත්වය දරන යාපනය කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

මේ වන විට දුනිත් වෙල්ලාලගේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව PCR පරීක්ෂණවලට ද මුහුණ දී ඇති බව සදහන්.

ඔහු දින 3ක නිරෝධායන කාලසීමාවක් ගත කිරීමෙන් පසුව යාපනය සංචිතය සමග එක්වීමට නියමිත බව HitWicket.lk කළ සොයා බැලීමකදී තහවුරු වුණා.

ජාතික සුපර් ලීග් එක්දින තරගාවලිය මේ දිනවල ක්‍රීඩාංගන 4 ක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර, මේ වන විට පවත්වා නිමා කර ඇති සමස්ත තරග ගණන 14 ක්.

තවත් තරග 2 ක් අද (10) පෙරවරුවේ පල්ලකැලේ සහ දඹුල්ල යන ක්‍රීඩාංගනවලදී ආරම්භ වුණා.

තරග 6 කට ක්‍රීඩා කරමින් ඉන් තරග 4 ක් ජයග්‍රහණය කළ යාපනය කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා.

මූලික වටයේ දී යාපනය කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉතිරිව ඇති තරග ගණන 2 ක්.

එළඹෙන 13 වනදා ඔවුන් ගාලු කණ්ඩායමට එරෙහිව ද, එළඹෙන 16 වනදා කොළඹ කණ්ඩායමට එරෙහි ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ එළඹෙන 19 වැනිදායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...