එංගලන්තයට වැඩබලන ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කෙරේ

Date:

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන ප්‍රධාන පුහුණුකරු ලෙස පෝල් කොලින්වුඩ් පත් කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී ලබන මාසයේ දී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අරමුණු කර ගනිමිනුයි මෙම පත් කිරීම සිදු කර ඇත්තේ.

පසුගිය මාසයේ දී එංගලන්ත කණ්ඩායම කොදෙව් දේශයේ සිදු කළ 20යි 20 තරග සංචාරයේ දී ද එංගලන්ත පිලේ වැඩබලන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ පෝල් කොලින්වුඩ්.

ඔස්ට්‍රේලියාව සමග නිමා වූ තරග 5කින් යුත් අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 0-4ක් ලෙස දරුණු පරාජයකට පත් වීමත් සමග එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන තනතුරු දැරූ තිදෙනෙකුට සිය ධූරවලින් ඉවත්වීමට සිදු වුණා.

ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්, සහාය පුහුණුකරු ග්‍රැහැම් තෝර්ප් හා කණ්ඩායමේ කළමණාකරණ අධ්‍යක්ෂ ඈෂ්ලි ගිල්ස් යන පුද්ගලයින්ටයි එලෙස සිය තනතුරු අහිමි වුණේ.

ඒ අනුව පෝල් කොලින්වුඩ් වැඩබලන ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය අද(7) තීරණය කළ අතර, මේ වන විට කණ්ඩායමේ වැඩබලන කළමණාකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්නේ ඇන්ඩෲ ස්ට්‍රාව්ස්.

තරග 3කින් යුත් එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරග සංචාරය සදහා වන එංගලන්ත සංචිතය මෙම සතියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එංගලන්ත කණ්ඩායම එළඹෙන 24 වනදා කොදෙව් දූපත් කරා පිටත්ව යාමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...