කොවිඩ් 19 ආසාදනය වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු සංචිතය සමග යළි එක්වෙයි

Date:

ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර හා ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා ශ්‍රී ලංකා සංචිතය සමග එක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(7) නිවේදනය කළේ ඔවුන් දෙදෙනා ඔස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලංකා සංචිතය සමග එක්වීම සදහා පසුගිය 5 වැනිදා දිවයිනෙන් පිටත්ව ගිය බවයි.

ඒ අනුව නුවන් තුෂාර හා රුමේෂ් රත්නායක මහතා මේ වන විට ඔස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්ව තිබෙනවා.

ඔවුන් දෙදෙනාට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙනුයි ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු සාමාජිකයින් සමග පසුගිය 3 වැනිදා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නොහැකි වුණේ.

ඔස්ට්‍රේලියානු සංචාරයේ දී ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර 20යි 20 තරග 5ක් පැවැත්වීමට නියමිත අතර, පළමු තරගය එළඹෙන 11 වනදා පැවැත්වීමට නියමිතයි.

කොවිඩ් 19 ආසාදනය වී සිටි තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ද ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමේ අරමුණින් හෙට දිනයේ දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර, ඔස්ට්‍රේලියානු පළමු පෙල තරගාවලියේ තරගයක් ක්‍රීඩා කිරීම සදහා ට්‍රැවිස් හෙඩ් ඔස්ට්‍රේලියානු 20යි 20 සංචිතයෙන් නිදහස් කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බැවින්, ඔහුට ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20 තරගාවලියේ පළමු තරග 3 ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ අනුව 29 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක ඩැනියල් සෑම්ස් ඔස්ට්‍රේලියානු සංචිතයට කැදවීමටයි එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...