T20 ලෝක කුසලානයේ ප්‍රවේශ පත්‍ර අලෙවිය ඇරඹේ

Date:

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම අද(7) සිට ආරම්භ වුණා.

මෙවර ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන තරගාවලිය සදහා රටවල් 16ක් තරග වදින අතර, තරගාවලිය ඔක්තෝබර් 16 වනදා සිට නොවැම්බර් 13 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ක්‍රීඩාංගන 7කදී පැවැත්වෙන තරගාවලියට අයත් සමස්ත තරග සංඛ්‍යාව 45ක්.

t20worldcup.com යන වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ලොව පුරා ප්‍රේක්ෂකයින්ට අද සිට හිමිව තිබෙනවා.

පළමු වටයේ හා සුපිරි 12 වටයේ සියලු තරග සදහා ළමයින් (වයස අවුරුදු 2-16 අතර) වෙනුවෙන් වෙන් වූ ප්‍රවේශ පත්‍ර ද අමෙරිකානු ඩොලර් 5 සිට අලෙවි කෙරෙන අතර, වැඩිහිටි පුද්ගලයෙකු සදහා ප්‍රවේශ පත්‍ර අලෙවි කෙරෙන්නේ අමෙරිකානු ඩොලර් 20 සිටයි.

තරගාවලිය ආරම්භ කරමින් පළමු වටයේ තරග පැවැත්වෙන අතර, ඒ සදහා ශ්‍රී ලංකාව, නැමීබියාව, බටහිර ඉන්දීය කොදෙව් හා ස්කොට්ලන්තය යන රටවල් මේ වන විටත් සුදුසුකම් ලබා අවසන්.

ශ්‍රී ලංකාව හා නැමීබියාව A කාණ්ඩයට ඇතුළත්ව ඇති අතර, බටහිර ඉන්දීය කොදෙව් හා ස්කොට්ලන්තය B කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතයි.

සුදුසුකම් ලැබීමේ තරගාවලි තුළින් රටවල් 4ක් ලෝක කුසලානය සදහා සුදුසුකම් ලැබීමට නියමිතව ඇති අතර, ඉන් කණ්ඩායම් දෙක බැගින් ඉහත සදහන් කාණ්ඩ දෙක වෙත යොමු කිරීමට නියමිතව තිබෙනවා.

තරගාවලිය ආරම්භ කරමින් ඔක්තෝබර් 16 වනදා තරග දෙකක් පැවැත්වෙනවා. පළමු තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව හා නැමීබියාව අතරයි.

පළමු වටයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවැනි තරගය ඔක්තෝබර් 18 වැනිදා ද, තෙවැනි තරගය ඔක්තෝබර් 20 වැනිදා ද පැවැත්වෙන අතර, එම තරග දෙකේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන කණ්ඩායම් තීරණය වන්නේ සුදුසුකම් ලැබීමේ තරගාවලිවල ප්‍රතිපල අනුවයි.

පළමු වටයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන සියලු තරග ජීලෝන්ග් හී දී පැවැත්වීමට නියමිතයි.

පළමු වටයට තරග වදින රටවල් 8න් සුපිරි 12 වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් සංඛ්‍යාව 4ක්.

සුපිරි 12 වටයේ කණ්ඩායම් කාණ්ඩගත වී ඇති අයුරු –

Group 1: Australia, New Zealand, England, Afghanistan, A1, B2
Group 2: India, Pakistan, South Africa, Bangladesh, B1, A2

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...