Watch : පල්ලේකැලේ ක්‍රීඩාංගනයට හදිසියේ ගුවනින් එල්ල වූ ප්‍රහාරය

Date:

ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ 11 වන තරගය අද(4) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

ඒ, යාපනය කණ්ඩායම හා දඹුල්ල කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව තරගය ආරම්භ කරමින් පිටියට පිවිසි ක්‍රීඩකයින්ට හා විනිසුරුවන්ට නොසිතූ අකරතැබ්බයකට මුහුණ දීමට අද සිදු වුණා.

ඒ, පල්ලේකැලේ ක්‍රීඩාංගනය මී මැස්සන්ගේ ආක්‍රමණයකට ගොදුරු වීම හේතුවෙන්.

යාපනය ඉනිමේ දෙවැනි පන්දුවාරයේ දී යි මෙය සිදු වුණේ.

ඒ අනුව තත්ත්වය සමතයකට පත් වන තුරු ක්‍රීඩකයින් සියලු දෙනාම බිම දිගා වී සිටීමට කටයුතු කළා.

මිනිත්තු කිහිපයකින් අනතුරුව තරගය යළි ආරම්භ කිරීමටයි විනිසුරුවන් කටයුතු කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...