ඉන්දීය යොවුන් කණ්ඩායම අඛණ්ඩව 4 වැනි වරටත් අවසන් මහා තරගයට

Date:

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය යොවුන් කණ්ඩායම මෙරට වේලාවෙන් අද (3) අලුයම සමත් වුණා.

ඒ, තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ඔස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම ලකුණු 96කින් පරාජයට පත් කරමින්.

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ඇන්ටීගා හි Coolidge ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 290ක් ලබා ගත්තා.

නායක යශ් ධුල් ලකුණු 110ක් ද, ශයික් රෂීඩ් ලකුණු 94 ක් ද ලබා ගනිමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 41.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 194ක් පමණයි.

ඒ අනුව ලබන 5 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ඉන්දීය යොවුන් කණ්ඩායම එංගලන්තයට එරෙහිව තරග වැදීමට නියමිතයි.

ඉන්දීය යොවුන් කණ්ඩායම 19න් පහළ ලෝක කුසලානයේ අවසන් මහා තරගය සදහා අඛණ්ඩව සුදුසුකම් ලැබූ 4 වැනි අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

මේ අතර, තරගාවලිය පුරා සිය කණ්ඩායම වෙනුවෙන් ප්‍රතිවාදී කණ්ඩායමේ ප්‍රබල කඩුලු දවා ගැනීමට කටයුතු කළ ඔස්ටේලියාවේ විලියම් සල්ස්මන් මෙම තරගයේ දී ඉන්දීය පළමු කඩුල්ල දවා ගැනීමට යොමු කළ පන්දුව වෙත බොහෝ දෙනෙකුගේ අවධානය මේ වන විට යොමුව තිබෙනවා.

ඔහු යොමු කළ පළමු පන්දුවාරය තුළම ඉන්දීය ආරම්භක කඩුල්ලේ සබදතාව ලකුණු 16 කට සීමා කරමින් සල්ස්මන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ලකුණු 6(30) ක් ලබා සිටි අන්ක්‍රිශ් රගුවාන්ශි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...