Watch : පහසු උඩ පන්දුවකට සමාන් හා හෆීස් කරපු දේ

Date:

පන්දු රකින්නන් දෙදෙනෙකු අතර ඇති වූ දුර්වල සන්නිවේදනය හේතුවෙන් ඉතාමත් පහසු උඩ පන්දුවක් ගිලිහී යන ආකාරය මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය යටතේ අද (2) පැවැති තරගයකදී දැක ගත හැකිවුණා.

ලාහෝර් කලැන්ඩර්ස් සහ පෙෂාවර් සල්මි යන කණ්ඩායම් අතර පැවැති තරගයේදී යි මෙම සිදු වීම දැක ගත හැකි වුණේ.

පෙෂාවර් ඉනිමේ 11 වන පන්දුවාරයේ දී ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක කම්රාන් ගුලාම් විසින් යොමු කළ පන්දුවකට පෙෂාවර් සල්මි පිලේ පිතිකරු හේදර් අලී විසින් එල්ල කළ පහරක් අසාර්ථක වීම හේතුවෙන් පන්දුව උඩ පන්දුවක් ලෙස බැක්වර්ඩ් පොයින්ට් කලාපය වෙත ඇදී ගියා.

එම උඩ පන්දුව රැක ගැනීම සදහා මොහොමඩ් හෆීස් සහ ෆකාර් සමාන් යන ක්‍රීඩකයින් දෙදෙනාම එකවර උත්සාහ කළ බැවින් ඔවුන් දෙදෙනා අතර යම් ගැටීමක් සිදු වුණා.

ඒ හේතුවෙන් උඩ පන්දුව රැක ගැනීමට දෙදෙනාගෙන් කිසිදු ක්‍රීඩකයෙකු සමත් වූයේ නැහැ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...