ඔස්ට්‍රේලියා සංචාරයට නම් කළ ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන්නාට කොරෝනා

Date:

එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට නම් කර සිටින වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

කණ්ඩායමේ සහාය කාර්යය මණ්ඩල සාමාජිකයෙකු වන (trainer) දිල්ෂාන් ෆොන්සේකාට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හා පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින් ඔස්ට්‍රේලියානු සංචාරය වෙනුවෙන් නිර්මාණය කර ඇති ජෛව ආරක්ෂිත බුබුලක රැදී සිටින අතර, එහිදී සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණයකදීයි (PCR) ඔවුන් දෙදෙනාට වෛරසය ආසාදනය වී ඇති බව හදුනා ගෙන ඇත්තේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව නුවන් තුෂාර හා දිල්ෂාන් ෆොන්සේකා මේ වන විට හුදකලා වී සිටින අතර, ඔවුන් ලබන 10 වැනිදා යළි ශ්‍රී ලංකා සංචිතය සමග එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි 3 වනදා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි.

එම සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 5ක් පැවැත්වීමට නියමිත අතර, පළමු තරග ලබන 11 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...