සමාන්ගේ සුපිරි ශතකය ලාහෝර් කණ්ඩායමට කඩුලු 6ක ජයක් ගෙනෙයි

Date:

පාකිස්තාන් සුපර් ලීග් (PSL) ක්‍රිකට් තරගාවලියේ 6 වන තරගය ඊයේ (30) කරච්චි ජාතික ක්‍රීඩා පිටියේදී නිමාව දුටුවේ ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායමට කඩුලු 6 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර දෙමින්.

මෙම තරගයේදී ලාහෝර් කණ්ඩායම හමුවේ පරාජයට පත්වුණේ කරච්චි කිංග්ස් කණ්ඩායමයි.

ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් මෙම තරගයේ දී විශිෂ්ඨ ඉනිමක් දියත් කරමින් ආරම්භ පිතිකරු ෆකාර් සමාන් සිය මංගල PSL ශතකය වාර්තා කිරීම ද විශේෂත්වයක්.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ලාහෝර් කණ්ඩායමේ නායක ශහීන් අෆ්‍රිඩී ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට කරච්චි කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි කරච්චි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් බිඳ වැටී ලකුණු 170 ක් වාර්තා කළා.

හයේ පහරවල් 3 ක් සහ හතරේ පහරවල් 08 ක් සමගින් ශර්ජීල් ඛාන් ලකුණු 60(39) ක් ලබා ගත්තා.

නායක බාබර් අසාම් ලකුණු 41(33) යි. ජෝ ක්ලාර්ක් ලකුණු 24(18)ක් නොදැවී රැස්කළා.

මොහොමඩ් නබීට රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 15(14) ක් පමණයි.

අනර්ඝ පන්දු යැවීමක නිරත වූ හැරිස් රාවුෆ් ලකුණු 33 කට කඩුලු 3 ක් බිඳ හෙලුවා. ශහීන් අෆ්‍රිඩී, සමාන් ඛාන්, රශීඩ් ඛාන් සහ මොහොමඩ් හෆීස් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 171 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම පන්දුවාර 19.2 දී කඩුලු 4 ක් දැවී ජයග්‍රහණය වාර්තා කළා. (174/4)

විශිෂ්ඨ ඉනිමක් දියත් කළ ෆකාර් සමාන් පන්දු 60 කදී හයේ පහරවල් 4 ක් සහ හතරේ පහරවල් 12 ක් සමගින් ලකුණු 106 ක් වාර්තා කළා.

මොහොමඩ් හෆීස් ලකුණු 24(21) යි. සමිත් පටෙල් පන්දු 18 කදී නොදැවී ලකුණු 26 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී උමයිඩ් අසීෆ් කඩුලු 2 ක් බිඳ හෙලුවා.

තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ ෆකාර් සමාන් විසින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...