ඕෂදගේ සුපිරි ශතකය හමුවේ දඹුල්ල අඛණ්ඩව 4 වැනි තරගයත් පරදියි

Date:

ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ 7 වැනි හා 8 වැනි තරග අද(30) පැවැත්වුණා.

එම තරගවලින් මහනුවර හා යාපනය යන කණ්ඩායම් ජය වාර්තා කළේ පිළිවෙලින් දඹුල්ල හා ගාලු කණ්ඩායම් පරාජයට පත් කරමින්.

තරගාවලියේ 7 වැනි තරගය මහනුවර හා දඹුල්ල කණ්ඩායම් අතර අද පැවැත්වුණේ කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී යි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 318ක් රැස් කළේ ඕෂද ප්‍රනාන්දු ලබා ගත් ලකුණු 138න් ශක්තිමත් වෙමින්.

පන්දු 141කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 13ක් ඇතුළත්.

නායක කමිදු මෙන්ඩිස් ලකුණු 43ක් ද, ලසිත් කෘස්පුල්ලේ ලකුණු 32ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී ළහිරු සමරකෝන් ලකුණු 87කට කඩුලු 4ක් බිද හෙලීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ලට පන්දුවාර 42.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 163ක් පමණයි.

නායක අශාන් ප්‍රියන්ජන් ලකුණු 50ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී පුලින තරංග කඩුලු 3ක් ද, අසිත ප්‍රනාන්දු හා කමිදු මෙන්ඩිස් කඩුලු දෙක බැගින් ද බිද හෙලුවා.

ඒ අනුව මෙම තරගයෙන් මහනුවර කණ්ඩායමට ලකුණු 155ක දැවැන්ත ජයක් හිමි වුණා.

මේ වන විට දඹුල්ල කණ්ඩායම මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කළ තරග හතරම පරාජයට පත්ව තිබීම විශේෂත්වයක්.

මේ අතර, තරගාවලියේ 8 වැනි තරගය යාපනය හා ගාල්ල කණ්ඩායම් අතර පැවැත්වුණේ කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී යි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් යාපනය කණ්ඩායම පන්දුවාර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 263 ක් රැස් කළා.

සන්තුෂ් ගුණතිලක ලකුණු 57කටත්, නායක ධනංජය ද සිල්වා ලකුණු 55කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී ධනංජය ලක්ෂාන් හා මුදිත ලක්ෂාන් කඩුලු 3 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල කණ්ඩායමට පන්දුවාර 36.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 175ක් පමණයි.

ජෙහාන් ඩැනියල් ලකුණු 36ක් හා ධනංජය ලක්ෂාන් ලකුණු 34ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ධනංජය ද සිල්වා ලකුණු 27කට කඩුලු 4ක් බිද හෙලුවා.

ඒ අනුව මෙම තරගයෙන් යාපනය කණ්ඩායමට ලකුණු 88 ක ජයක් හිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...